27 C
Colombo
21/10/2024

පාකිස්ථානයේදී ලාංකිකයාගේ ඝාතනයට 235 ක් අත්අඩංගුවට

Share with your friends :

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) වන විට එහි ප්‍රධාන සැකකරු ෆර්හාන් ඉද්‍රීස් නම් පුද්ගලයා ඇතුළු 235 දෙනෙකු මේ වනවිට පකිස්ථානයේ සියල්කොට් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට ආධාර හා අනුබල දුන් තවත් 900 දෙනෙකුට එරෙහිව පකිස්ථාන සියල්කෝට් පොලීසිය මූලික පරීක්ෂණ වාර්තා ගොනු කර ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

මෙම අමානුෂික ඝාතනය සිදුකළ බවට මේ වනවිට හඳුනාගෙන ඇති ප්‍රධාන සැකකරුවන් වන ෆර්හාන් ඉද්‍රීස් සහ උස්මාන් රෂීඩ් යන අයට එරෙහිව එරට පොලීසිය ත්‍රස්තවාදී විධිවිධාන යටතේ නඩු පවරන බව අද (05) පස්වරුවේ ප්‍රකාශයක් කරමින් පන්ජාබ් ප්‍රාන්ත රජයේ මාධ්‍ය ප්‍රකාශක හසාන් කවාර් සඳහන් කළේය

මෙම ප්‍රධාන සැකකරු ෆර්හාන් ඉද්‍රීස් නැමැත්තා ටී.පී.ඒල්.(TPL) නමැති එරට දැඩි මතධාරී දේශපාලන සංවිධානයක සාමාජිකයකු බව අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත් තවදුරටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වනවිට පංජාබ් හි පොලිස් කණ්ඩායම් 10ක් අනුයුක්ත කර තිබේ.

Share with your friends :