27 C
Colombo
21/10/2024

ඔමික්‍රෝන් ගෙනා කත එන්නත් නැතිව රට ගියේ කොහොමද ?

Share with your friends :

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූ කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත් රටට ඇතුළු වූයේ කෙසේදැයි වහාම විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේවිධායක අධ්‍යක්ෂ ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ මේ පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවට පැමිණිලි කරන බවයි.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ මාලාවට අනුව රටට ඇතුළුවිය හැක්කේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ගුවන් මගීන්ට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

එසේ තිබියදීත් අදාළ කාන්තාව නයිජීරියාවේ සිට පැමිණ මෙරටට ඇතුළුවීම ගැටළු සහගත බවද එම සංගමය සඳහන් කරයි.

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය රටට ඇතුළු වීම සහ පැතිරීම පාලනය සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බවද එම සංගමයේනියෝජිතයෝ පවසති.

නව සැර කොරෝනා ප්‍රභේද පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට දැනටමත් යෝජනාවලියක් බාර දෙනු ලැබ ඇත.

Share with your friends :