27 C
Colombo
20/10/2024

කොළඹ – බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට අවධානය

Share with your friends :

කොළඹ – බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇතැයි ප්‍රවාහන ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද(4) පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ 600ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළ ඇමැතිවරිය සිසු සැරිය සහ ගැමි සැරිය බස්රථ සේවා වැඩපිළිවෙළ තවදුරටත් දියුණු කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළාය.

Share with your friends :