27 C
Colombo
20/10/2024

බී.ඕ.අයි මහ පුටු පෙරළෙයි

Share with your friends :

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයි වාර්තා වෙයි.

සභාපති සංජය මොහොට්ටාල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ සුබසිංහ, ආචාර්ය හර්ෂ කබ්රාල් සංජය කුලතුංග සහ ජෙයමින් පැල්පොළ යන මහත්වරුන් මෙසේ සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.

මේ අතර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා ද ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ වැටුප් තල යටතේ නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති බවට සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් එම බඳවා ගැනීම් කර ඇති බවට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ද පසුගියදා චෝදනා එල්ල විය .

මෙ අතර, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එහි සේවකයන් අතිබහුතරයක් ජනාධිපතිවරයාට බාරදිම සඳහා පෙත්සමක්ද අත්සන් කළ අතර, ආයෝජන මණ්ඩලයේ සේවකයන් 1100ක පමණ පිරිසෙන් අටසිය පනස් දෙනකු පමණ ඊට අත්සන් තබා ඇතැයිද වාර්තා වේ .

Share with your friends :