27 C
Colombo
21/10/2024

පාකිස්තානයේදී ලාංකිකයකු මරා පුළුස්සයි

Share with your friends :

පකිස්ථානයේ සියල්කෝට් නගරයේදී කර්මාන්ත ශාලාවක සේවකයින්ගේ පිරිසක් එහි කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකුට පහර දී ඝාතනය කර පුළුස්සා මරා දමා ඇතැයි එරට එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වෙබ් අඩවිය අද (03) වාර්තා කළේය.

මෙලෙස අවාසනාවන්ත ලෙසින් ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රියන්ත කුමාර නමැති පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු බව සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් සයීඩ් මලික් පැවසුවේය.ඔහු සියල්කොට්හි පදිංචිව සිටි අයකු බවද පැවසේ.

සියල්කොට් නගරයේ වසිරාබාද් පාරේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පෞද්ගලික කර්මාන්තශාලා සේවකයන් කර්මාන්ත ශාලාවක අපනයන කළමනාකරුට පහර දී ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුරට පුළුස්සා දමා ඇති බව වාර්තා වේ.

මෙම ලාංකිකයාගේ ඝාතනය පිටුපස ඇති අරමුණ පිළිබඳව පක්සිථාන පන්ජාබ් පොලිසිය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය උස්මාන් බුස්ඩාර් මෙම ඝාතනය ගැන අවධානය යොමු කරමින් කියා සිටියේ මෙය ඉතා ඛේදජනක සිදුවීමක් බවත් , සිද්ධිය සම්බන්ධයෙන් සෑම අංශයක්ම සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට පන්ජාබ් පොලිසීයට නියෝග කර ඇත.

නීතිය අතට ගන්නා අයට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි.” පන්ජාබ් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කර ඇතැයි එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

සියල්කොට් ප්‍රෙද්ශයේ සිදුවී මෙම අමානුෂික සිද්ධිය ගැන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමටද ඔහු නියෝග කර ඇත.

එම කර්මාන්ත තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

අපහාස කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බව පාකිස්ථානයේ එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළ තිබුණ ද , මූලික විමර්ශනයෙන් පසු තොරතුරු මාධ්‍ය සමඟ බෙදා ගන්නා බව සියල්කොට් පොලිසියේ ප්‍රකාශක පවසා ඇත.

Share with your friends :