27 C
Colombo
21/10/2024

ගෑස් බෙදාහැරීම අත්හිටුවයි… රටම දර හෝ විදුලියට…

Share with your friends :

රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ.

සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු රට පුරා ලිත්‍රො හා ලාෆ් ගෑස් බෙදාහැරීම සිදු නොකරනු ඇත.

කෙසේ නමුත් ලාෆ් සමාගම සදහන් කරන්නේ මෙතෙක් තම සමාගමට රජය විසින් එවන් දැනුම් දීමක් කර නැති බවයි.

මෑත කාලයේ ගෑස් ආශ්‍රිත පිපිරීම්, ගිනිගැනීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

Share with your friends :