27 C
Colombo
21/10/2024

රට වෙන්දේසිලන්තයක්,පෝලිම්ලන්තයක්,කොමිස්ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් කරලා

Share with your friends :

රට සෞභාග්‍යමත් කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසිලන්තයක්, පෝලිම් ලන්තයක්, කොමිස් ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් බවට පත්කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සුරක්ෂිතව ගෑස් ටික ලබා දෙන්නට බැරි ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

‘නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට’ වැඩසටහනට හම්බන්තොට තිස්සමහාරාම ලුණුගම්වෙහෙර රණවරනාවදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව යටතේ අද වන විට තරුණයින්ට රැකියා අහිමි වී, ජනතාවට ජීවනෝපාය අහිමි වී, සමස්ත ජනතාවම කබලෙන් ළිපට වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

Share with your friends :