27 C
Colombo
21/10/2024

ආණ්ඩුවෙන් 50-60ක් ගියාම 2/3 තියා සරල බහුතරේත් නැතිවෙයි- වෙන දේ බලන්න පුළුවන්

Share with your friends :

දැනට ආණ්ඩුව නියෝජනය කරන තිහක් හතළිහක් ඉක්ම වූ පිරිසකට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පොදුජන පෙරමුණේ පසුපෙල පිරිස් විසින් පවසා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පක්ෂය තීරණය කරන ඕනෑම අවස්ථාවක ඇමතිධුර අත්හැරීමට සූදානම් බවත් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරන්නේ නම් එසේ කිරීමට සූදානම් බවත් ඔහු පැවසීය.

එසේ ඉවත් වීමට තීරණය කළ හොත් ඉවත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව පනහක් හැටක් පමණ පිරිසක් ඉවත් වනු ඇතැයිද ඔහු පැවසීය.

එවිට ආණ්ඩුවේ තුනෙන් දෙක තියා සරල බහුතරය වත් නැති වන හැටි බලා ගත හැකි යැයිද ඔහු පැවසීය.

පවතින තත්වය ගැන ජනාධිපතිවරයා දැඩිව සැලකිලිමත් විය යුතු බවද කී ඔහු ජනාධිපතිවරයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

සරල බහුතරය ආණ්ඩුවට නැති කිරීමේ අවශ්‍යතාවය තිබෙන අය ආණ්ඩුවේ සිටින බවත් ඔවුන්ට වෙනත් අරමුණු තිබිය හැකි බවත් ඔහු පැවසීය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Share with your friends :