27 C
Colombo
22/10/2024

රන් ගොඩගන්න ගිය සම්බන්ධීකරණ ලේකම් පන්නයි

Share with your friends :

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යාංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩල ලේකම්වරුන් දෙදෙනක් උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සඳහන් වන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වාහම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා ගේ නියමයෙන් එම ක්‍රියාමාර්ග ගත් බවත් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Share with your friends :