27 C
Colombo
22/10/2024

ලංකාවට මියන්මාරයෙන් සහල්

Share with your friends :

වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
ඒ යටතේ රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක්, මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460ක් බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණු අතර, රජයකින් රජයකට පදනම යටතේ දෙරට අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් ආනයනය කෙරේ.

මෙසේ ගෙන්වනු ලබන සහල් ස.තො.ස අලෙවිසැල් හරහා රුපියල් 98 බැගින් අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා කීවේය.

Share with your friends :