27 C
Colombo
23/10/2024

අලුත් ගමනක් ගැන අර්ජුනගෙන් ප්‍රකාශයක්

Share with your friends :

දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවී පැවසීය .

නව දේශපාලන ක්‍රමයක් මෙරට ඇති කිරීමට මා උරදී කටයුතු කරනවා . වෙනම පක්ෂයක් හැදීමට හෝ පවතින පක්ෂ සමග එකතුවී දේශපාලනයේ නිරත වීමේ අදහසක් මාගේ නැහැ . පක්ෂ දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව ඉදිමින් රට වෙනුවෙන් මාගේ යුතුකම ඉටු කිරීමට මා බලාපොරොත්තු වෙනවා .

අද මෙරට පවතින දේශපාලනයෙන් රටට යහපතක් සිදුවී නැහැ . ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අවශ්‍යයි . අපි ගොඩනඟන්න නගන්න උත්සාහ කරන්නේ එයයි . ඒ සඳහා පුද්ගලයින් හා කණ්ඩායම් කීපයක් සමග මා සාකච්ඡා කොට තිබෙනවා .

Share with your friends :