27 C
Colombo
22/10/2024

ගෑස් ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

Share with your friends :

ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අට පුද්ගල කමිටුවක් අද (30) පත් කරනු ලැබීය.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ් ඩී ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු ,කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු වෙති.

සියලු පාර්ශවයන්හි අදහස්, දැනට කර ඇති අධ්‍යයන හා විවිධ අදහස් විමර්ශන කර මේ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් තමාට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා කමිටුවට උපදෙස්දී ඇත.

මෙම විද්වත් කමිටුව පත් කරනු ලැබ ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තා වන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරා යෑම් පිළිබඳ හේතු සාධක සොයා බලා ඒ පිළිබඳව කඩිනම්න් ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා යැයි ජනාධිපති කාර්යාලය පවසයි

Share with your friends :