27 C
Colombo
23/10/2024

මාධ්‍යවේදින්ට පහර දුන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට

Share with your friends :

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පසුගිය 27 වනදා නිදහස් මාධ්‍ය වේදියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකෙරෙන යුදහමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලීසිය පැවසීය.

මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේක්ම කාර්යාලය ඉදිරිපිටදී ඊයේ දින දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතියින්, ආගමික නායකියින් හා ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් පිරිසකගේද සහභාගීත්වයෙන් විරෝධතාවක්ද සංවිධානය කොට තිබුණි.

අදාල විරෝධතාවය අතරතුරදි නිදහස් මාධ්‍යෙව්දියාට පහර දුන්නේයැයි සැකකෙරෙුනු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදු වූ අතරම මාධ්‍ය වේදියාට පහරදීම උතුරේ සියලු මාධ්‍ය සංගම් විසින් හෙලා දකිමින්ද විරෝධය පල කොට තිබුණි.

පසුගිය 27 වනදා මුලතිව්හි පදිංචි විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි යුදහමුදා මුරපොළක් ආසන්නයේ ප්‍රවෘති ආවරන කටයුත්තක් ආවරනය කිරීමට ගිය අවස්තාවේදී අදාල පහරදීම සිදුව ඇති බවටත් තමන්ට යුදහමුදා සෙබලුන් පිරිසක් විසින් පහරදී තුවාල සිදුකල බවටත් පහරකෑමට ලක් වූ මාධ්‍යෙව්දියා විසින් මුලතිව් පොලීසියට පැමිණිළි කොට ප්‍රතිකාර සඳහා මුලතිව් මහරෝහලට ඇතුලත් විය.

කෙසේ වෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල මුලතිව් පොලීසිය විසින් පහරදීමට සම්බන්ද බවට සැකකෙරුනු යුදහමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හල බවටත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන බවටද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Share with your friends :