27 C
Colombo
24/10/2024

ආණ්ඩුවට දැක්මක් නැතිව අයාලේ.. තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය දේශපාලන මණ්ඩලය කැදවයි

Share with your friends :

වත්මන් ආණ්ඩුව කිසිම දැක්මක් නැති අයාලේ යන එදාවේල දුවන ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

තුනෙන් දෙකේ බලය බලය සහිතව තම පක්ෂ නායකයන්ට දඬුවම් කරන බවට ආණ්ඩුවේ නායකයන් තර්ජනය කරන බව ද ඒ මහතා පවසයි.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් තම පක්ෂ නායකයා කළ ප්‍රකාශයෙන් පසු ඔවුන් නිරුත්තර වී ඇතැයිද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මහතා ඔහු මෙම අදහස් පළ කළේය.

මේ අතර ඉදිරි අයවැය ඡන්ද විමසීමේ දී ගන්නා තීන්දුව පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තිබේ.

ආණ්ඩු විසින් දිගින් දිගටම පක්ෂයට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් එහිදී දැඩි සැලකිල්ලට ලක් කිරීමටද නියමිතව ඇත.

Share with your friends :