27 C
Colombo
25/10/2024

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000 කොළඹ වරායේ හිර වෙයි

Share with your friends :

ඩොලර් හිඟය හේතුවෙන් අල, පරිප්පු, ලූණු , සීනි, හාල්මැස්සෝ, ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

වෙළෙද පොළේ ආහාර ද්‍රව්‍යවල මිළ අසීමිත ලෙස ඉහළ යාමට එයද බලපා ඇතැයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

එබැවින් මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට වහාම පියවර ගතයුතුව ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යලයේ දී රැස්ව ඇති අතර රට තුළ ඇති ව තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ද එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද වාර්තාවේ.

ඩොලර් හඟගය ඉතාම බරපතල තත්ත්වයකට පත්ව ඇති බවත්, එය රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා එහි දී පෙන්වා දී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , බැසිල් රාජපක්ෂ, ආචාරය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් ගණනාවක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි ද වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඩීසල් වාහන බොහොමයක් භූමිතෙල් වලින් ධාවනයවීම හේතුවෙන් සංස්ථාවට දැඩි පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඩොලර් හිඟය මගහරවා ගැනීම සදහා ඉදිරි කාලයේදී විකල්ප වැඩපිළිවෙලකට යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.

Share with your friends :