27 C
Colombo
26/10/2024

ඥානසාරහිමිට එරෙහි ගොනු කළ නඩුව විභාගයට දිනයක්

Share with your friends :

ජාතික සංහිදියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ කළැයි චෝදනා ලැබ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු මස 14 වැනිදා සිට විභාග කිරීමට කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (24) තීරණය කළේය.

ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි පැමිණිල්ල කළ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසාද් සාලී මහතා ඇතුළු පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා නියම කළේය.

2006 නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාධ්‍ය හමුවකදී ජාතීන් අතර සංහිදියාව කඩවන ආකාරයේ ප්‍රකාශ කළ බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත. මෙම පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ඥාණසාර හිමියෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජය ආරියදාස මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ පරිගණක සාක්කි සම්බන්ධයෙන් පරීක්‍ෂා කර බැලීමට එහි ප්‍රවේශය අවශ්‍ය වී ඇති හෙයින් ඊට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

පරිගණක සාක්කි පරීක්‍ෂා කිරීමට එහි ප්‍රවේශය විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස රහස් පොලිසියට නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ මාර්තු 14 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

Share with your friends :