27 C
Colombo
26/10/2024

රජයේ සේවකයන්ට අතුරු දීමනාවක් දෙන්න

Share with your friends :

ජනතාව ජීවත්වන්නේ අමාරුවෙන් බවත් නියමාකාර වැටුප් ව්‍යුහයක් සකස් කරන තුරු අතුරු දීමනාවක් ලබාදීමට සලකා බලන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ආදායම් තත්වය සලකා එසේ කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය.

කොරෝනා නිසා අද සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කළ නොහැකි බවත් මේ රජය බලයට පත්වූදා සිටම ක්‍රියාත්මක වූයේ කොරෝනා බවත් නානායක්කාර මහතා පැවසුවේය.

මෙවර අයවැයෙන් ලොකු වැටුප් විෂමතාවක් විසඳූ බවත් ඒ සඳහා රුපියල් මිලියන තිස් දහසක් වැය කළ බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා තියෙද්දි ගෙනා අයවැයෙන් කළ දේ ප්‍රශංසනීය බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

Share with your friends :