27 C
Colombo
26/10/2024

පොහොරවලිනුත් සොරකම් කරනවා නම් ඔවුන්ට සාපවෙනවා – දයාසිරි

Share with your friends :

ඇතැම් අමාත්‍යාංශ දේශීය නිෂ්පාදන විනාශ කරමින් ගැසට් රිවස් කරද්දී, තම අමාත්‍යාංශයට අරමුණු ඉටුකරගනිමින් සාර්ථක ලෙස ඉදිරියට යාමට හැකිවී ඇතැයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඇතැම් අමාත්‍යාංශවල නිලධාරීන් හා ඇමතිවරු එකිනෙකා ගන්නා තීරණ ගැන නොදන්නා බව කියමින් ජනතාව පීඩාවට පත්කරමින් සිටින බව කී රාජ්‍ය ඇමතිවරයා තමන් අභියෝගය භාරගනිමින් ලැබුණු අමාත්‍යාංශය තුළ වැඩ පෙන්වා ඇතැයි ද සඳහන් කළේය.

ජනතාව අසීරුතාවට පත්ව සිටින මෙවන් මොහොතක කවුරුන් හෝ පොහොරවලිනුත් සොරකම් කරනවා නම් ඔවුන්ට සාපවන බව ද ජයසේකර මහතා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයකදීය.

Share with your friends :