27 C
Colombo
26/10/2024

කින්නියා පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මරුට

Share with your friends :

කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පිරිස අද පෙරවරුවේ පාසල් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ එහි 20 දෙනකු පමණ ගමන් කර ඇති අතර ඉන් කීපදෙනකු පීනා ගොඩට ඇවිත් ඇතැයි ද දැනගන්නට ඇත.

කින්නියා සහ කුරුඤ්ඤන්කුලම යා කරමින් මෙම පාලම් පාරුව සේවයේ යොදවා ඇත්තේ දැනට එහි ඇති පරණ පාලම වෙනුවෙන් නව පාලමක් ඉදිකරන නිසා බව ද ප්‍රදේශවාසීහු පවසයි

මියගිය ගණන මීට වඩා ඉහළ යා හැකි බව ද පොලිසිය පවසයි. අතුරදහන් වුවන් සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මේ අතර සිද්ධියෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ නිවසට ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

අද පෙරවරුවේ කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළී සිසුන් 06 දෙනෙකු මිය යාමෙන් පසු කෝපවූ ප‍්‍රදේශවාසීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

මෙම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ කින්නියා ප්‍රදේශයේය.

කින්නියා ප්‍රදේශයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පොලිසිය විසින් පාලනය කර තිබේ.

42,631 views

Share with your friends :