27 C
Colombo
26/10/2024

රැකියා ස්ථානවල ප්‍රචන්ඩත්වය සහ හිංසනය අවමකිරීම සඳහා නීති

Share with your friends :

රැකියා ස්ථානවල ප්‍රචන්ඩත්වය සහ හිංසනය අවමකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද නීති මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට අදාළ යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එම නීති මෙරටට නීති පද්ධතියට එක් කිරීමට පෙර ඒ පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කළ යුතු බවය.

කොළඹ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

“වැඩ ලොව ප්‍රචන්ඩත්වය සහ හිංසනය අවම කිරීම සඳහා දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරලා පස්සේ අන්තර්ජාතික කම්කරු සංවිධානය නායතක්වය දෙනු ලබන ILOC 190 සහ ILOC 189 දරන යෝජනාවන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සාමාජික රටක් හැටියට ශ්‍රී ලංකාව බැදිලා ඉන්නවා. ඒ නිසා අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා පාර්ලිමේන්තුවට මම මේක ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ ක්‍රියාවලියේදී අපට ගතයුතු පියවර රැසක් තිබෙනවා. ඒ තමයි මේ ක්‍රියාවලිය කුමන ආකාරයකින් අපේ නීති පද්ධතියට ඇතුළත් කළ යුතුද ? එහි ප්‍රායෝගීතාවය මොකක්ද ? ඒ වාගේම මෙම යෝජනාවන් පිළිගත්ත ලෝකේ රටවල් කිහිපයක් තියෙනවා ඒ රටවල් මේ පිළිබඳව කරන ලද නීති පද්ධතිවල වෙනස්කම් කිරීම් පිළිබඳවත් අධ්‍යනයක් කරලා අපේ රටට ගැලපෙන පරිදි මෙය සකස්කර ගැනීම සඳහා අපිට පුළුල් වූ ජාතික සංවාදයක් අවශ්‍යයි.”

Share with your friends :