27 C
Colombo
27/10/2024

තොරතුරු දන් නැති සභාපතිවරුන් රැස්වීමෙන් එලවයි

Share with your friends :

රජයේ පොහොර සමාගම් දෙකක සභාපතිවරු සතුව පොහොර පිළිබඳ දත්ත නොමැතිවීම පිළිබඳව දොස් නැගූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තොරතුරු රැගෙන එන ලෙස සභාපතිවරු රැස්වීම් ශාලාවෙන් පිට කිරීම වඩාත් කැපී පෙනුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී පොහොර සමාගම් සභාපතිවරු දෙදෙනෙක් මෙසේ දැඩි විවේචනයට ලක් කළේය.

“සමහර අය පොහොර සමාගම්වල හොඳම අධ්‍යක්‍ෂවරු. මේ ඝන පොහොර කියන ඒවා ඕගොල්ලො හරහානේ ගන්නේ, ඒ ඝන පොහොර ප්‍රමාණය ඔයගොල්ලෝ ලබාගෙන තියෙනවද? කොච්චර ලබාගෙන තිබෙනවාද? කොච්චර ලබාගන්න තිබෙනවාද? අවශ්‍ය නම් අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඕන වෙලාවක හදන්න. දැන් ඔයා කෙටියෙන් කියන්නෙ ඔයා දන්නෙ කැහැ කියලනේ.

දැන් ඔයාට කියන්න බෑනේ අද ඝන පොහොර කොච්චර තියෙනවද කියලා. ඔයගොල්ලො දෙන්නා එළියට ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් දාලා අහගෙන ලියාගෙන එන්න. ඔයගොල්ලො දැනගන්න ඕන මෙච්චර ගාණක් ඕනද? මෙච්චර ඝන පොහොර ප්‍රමාණක් අපිට ලැබිලා තියෙනවා. ඉස්සරහට මෙච්චර ලැබෙන්න තියෙනවාද? සරළ දෙයක්නේ. සභාපතිලා වුණාම මේවා දැනගන්න ඕනේ. ඔයත් ගිහිල්ලා අරගෙන එන්න තොරතුරු. දැන් මේවා අනිත් එක මේ අද පළවෙනි වතාව නෙවෙයිනේ. මේ දැන් අවසානයනේ. දැන් මේවා කවුරුත් දන්නෙ නැත්නම් හිතාගන්න පුළුවන්ද මොකක්ද මේකෙ තත්වය කියලා. මේ අද ඊයේ වෙච්ච දේවල් නොවෙයිනේ”

Share with your friends :