27 C
Colombo
27/10/2024

රාජ්‍ය සේවකයන් වැඩ වර්ජනයක් කැදවති

Share with your friends :

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් සිදු නොකරන්නේ නම් එළඹෙන 29 විසි නව වැනි දා සිට රාජ්‍ය සේවකයන් අඛණ්ඩව වැඩවර්ජනයකට යන බව ලංකාව රාජ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය පවසා සිටියේය.

එම සම්මේලනයේ ජාතික සංවිධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ආමන්ත්‍රණය කරමින් පසුගිය දහතුන් වැනිදා ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් නොසලකා හැර ඇති බවත් ඒ නිසාම රාජ සේවකයන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව ඇති බවයි.

ඒ නිසා ඔවුන් පිළිබඳව අවධානය යොමු කොට මාසිකව රුපියල් 16,000 ක දීමනාවක් හෝ වැටුප් වැඩි වැඩි වීමක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. .

මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් සති දෙකකට පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොදන්වා යොමුවන බවද දන්වා සිටිනවා තිබුණි .

ඒ් අනුව ඒම වෘත්තිය සමිති සම්මේලනය නැවත වතාවක් ජනාධිපතිතුමා ආමන්ත්‍රණය කරමින් ලිපියක් ලියමින් ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් එළඹෙන 29 සදුදා සිට ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

මෙම ක්‍රියාමාර්ගයට රජ්‍ය අංශයේ සියලු නිලධාරින් සම්බන්ධ වෙන බවද රාජ්‍ය කාර්යාලයන්හි කණිෂ්ඨ නිලධාරින් ග්‍රාමසේවා කෘෂි පර්යේෂණ , ක්ෂේත්‍ර නිලධාරින්ද සම්බන්ධ වෙනබවද දන්වා සිටිති.

ඒ බව දන්වා ලියන ලිපිය තවදුරටත් දන්වා සිටිනුයේ මෙවර අයවැය මගින් නිලධාරීන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම හා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තිය අයිතිවාසිකම් කප්පාදු කරමින් ඔවුන්ගේ කතා කිරීමේ නිදහස කප්පාදු කරමින් ලියා ඇති රාජ්‍ය පරිපාලන ලේකම් ගේ චක්‍රලේඛය අහෝසි කරන ලෙසය.

මේ අන්දමට රාජ්‍ය නිලධාරීන් මර්දනය කරමින් රාජ්‍ය නිලධාරින් අපහසුතාවයට පත් කරමින් විවිධ පුද්ගලයෙන් සිදු කරනු ලබන ප්‍රකාශයන් පිළිබඳව ද ඔවුන්ගේ විරෝධතාවය ද ජනාධිපතිතුමා වෙත දන්වා සිටී.

ඔවුන් ඔවුන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය නිලධාරීන්ට ජිවත් වීමට ඇති අයිතිය සහතික කරමින් නිසි වැටුපක් සහ ඔවුන්ට විශ්‍රාම යෑමට ඇති අයිතිය ඛණ්ඩනය නොකර කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි.

එසේ නොවන්නේ නම් මේ මාසයේ 29 වන දින සිට අඛණ්ඩව වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමුවන බව ද ශ්‍රී ලංකා රාජ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බි ඒ පි බස්නායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දන්වා ඇත.

Share with your friends :