27 C
Colombo
28/10/2024

සඳහිරුසෑයට වියදම් කල මුදල් යුද්දයෙන් වැන්දඹුවූවන්ට බෙදා දෙන්න තිබුනා..

Share with your friends :

සඳහිරු සෑය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල් යුද්ධයෙන් අනාථ වූ වැන්දඹු කාන්තාවන්ට සහ දරු පවුල්වලට ලබා දුන්නා නම් එය සැබෑ යුධ විරුවන් සැමරීමක් වනු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.

‘ලෝකයේ අද යුද ස්මාරක ඉවත් කරන කාලෙක පරාජිත ජන කොට්ඨාශයක් තුල වෛරය වපුරවීමට මේ අය ඉඳගෙන කටයුතු කරනවා. යුද්දයෙන් වැන්දඹු වෙච්ච දූ පුතුන් අහිමි වෙච්ච අය දකුණේ උතුරේ ඉන්නවා. මේ සෑයවල් හදන්න වෙන්කල මුදල් ඒ අයට බෙදා දුන්නනම් එය තමයි සැබෑ යුද විරුවන් සැමරීම’ යැයිද ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියාවිමේ විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය

Share with your friends :