27 C
Colombo
29/10/2024

ඉන්ධන මිල වැඩි කරනු- වෘත්තීය සමිති ඉල්ලයි

Share with your friends :

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 43 ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 28 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 60 ක් මේ වන විට පාඩු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති (ඛනිජ තෙල් ශාඛාව) බන්දුල සමන් කුමාර මහතා පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලනය මොනයම් හෝ ක්‍රමයකට බහු ජාතික සමාගමක් අතට පත්වුවහොත් ඩීසල් ලීටරයක් 250 කට සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 275 කට දක්වා ඉහළ යන බව කී බන්දුල සමන් කුමාර මහතා ඉන්ධන මිල ඉහළ දමා හෝ පිරිපහදුව ක්‍රියාත්මක කරමින් පවත්වාගෙන යා යුතු බව ද සඳහන් කළේය.

Share with your friends :