27 C
Colombo
29/10/2024

ඉන්දීය මහකොමසාරිස් නිවස වීඩියෝ කළ පාකිස්තානුවෝ 3ක් මාට්ටු

Share with your friends :

ඉන්දීය මහකොමසාරිස්වරයාගේ කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි නිළ නිවස වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතිකයන් තිදෙනකු අත්ඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

මොවුන් පිරිස අතර පරිගණය ඉංජිනේරුවෙක් ද සිටින බවත් මෙම පිරිසට මෙම මස 25 වැනි දින දක්වා රටින් පිටවයාම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා තහනම් නියෝගයක් නිකුත් කළ බවද පොලිසිය පවසයි.

මොවුන් තිදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරන අතර තුර ඉහත ස්ථානයේ නැවතී මහකොමසාරිස්වරයාගේ නිළ නිවස වීඩියෝ ගත කරන බවට පොලිසිය වෙත ලැබුණු තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් ගේ කැමරාවල එම දර්ශන පටිගත වී තිබු බවත් පොලිසිය සඳහන් කරයි.

Share with your friends :