රජයේ රෝහල්වලට ඖෂධ හා ශළ්‍ය උපාංග සැපයීම කරන දේශීය නිෂ්පාදකයන්ට සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි ගණනක මුදලක් මාස ගණනාවක් තිස්සේ ගෙවා නැතැයි සැපයුම්කරුවෝ සඳහන් කරති.
මුදල් නොගවීම නිසා තමන්ගේ නිෂ්පාදන වෛද්‍ය සැපයීම් අංශයට ලබාදීම නතර කර ඇතැයි ද එම නිසා රටපුරා රෝහල්වල ඖෂධ ගණනාවක සහ අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපාංග රැසක මාස ගණනාවක සිට හිඟයක් පවතින බව ද දේශීය සැපයුම්කරුවෝ පවසති.
සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් නොගෙවීම නිසා තමන්ගේ කර්මාන්ත කඩාවැටීමේ තත්ත්වයකට පත්ව තිබෙන බව ද ඇතැම් සැපයුම්කරුවන් ලබාගෙන ඇති ණය ගෙවාගැනීමට නොහැකි බව ද ඔවුහු පවසති.