27 C
Colombo
26/11/2024

ඩොලර් නෑ.. ලාෆ් ගෑස් නිෂ්පාදන නවතා දමයි-නීතිමය පියවර ගන්න ජනතාව ඉල්ලති

Share with your friends :

ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ හේතුවෙන් තම සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.

මෙම ගැටළුව විසඳාගැනීම සඳහා රජය පාර්ශවයෙන් සාධනීය මැදිහත්වීමක් සිදු කර නැති බවද සභාපතිවරයා පැවසීය.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් බිඳවැටීම හේතුවෙන් බව තම සමාගමේ ගෑස් සදහා ඉල්ලුම වැඩිවීමෙන් ලිත්‍රො ගෑස් හිගයක් ඇතිව තිබෙන බවයි.
ම අතර පාරිභෝගික ජනතාව පවසන්නේ නිසි පරිදි සැපයුම ලබා නොදෙන්නේ නම් ලාෆ් සමාගමට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතු බවයි.

Share with your friends :