කොවිඩ් නීතිය ‘ කොවිඩ්’ පාලනයට වඩා වඩා පාවිච්චියට යොදා යොදාගතහොත් උද්ඝෝෂණ වෙනුවට වැඩවර්ජන කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම පිළිබද අය වැය තුල ඇතැම් යෝජනා පරස්පර විරෝධී බවකි රවි කුමුදේශ් මහතා විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම මගින් සාමාන්‍ය පරිදි විශ්‍රාම යන අයට වසර දහයක විශ්‍රාම වැටුප අහිමි වන ලකුණු පහල වී ඇති බවද සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විෂමතාවය පිළිබද අය වැයෙහි විසදුමක් නොමැති බවත් රනුක්ගේ වැටුප් නිර්දේශ යට ගහලා ඇතිබවත් රවි කුමුදේශ් මහතා චෝදනා කළේය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය හමුවකදී එසේ අදහස් දැක්වීය.