27 C
Colombo
19/01/2025

ගල් අඟුරු ගන්න ඩොලර් නැහැ – දැවැන්ත විදුලිය කැපීමකට සුදානමක් ?

Share with your friends :

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි ලංවීම ඉංජිනේරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතාගෙන් කළ මසීමේදී ඒ මහතාද කියාසිටියේ ගල්අඟුරු මිල ඉහළ යෑම සහ ක්‍ෂණික මිලදී ගැනීමට අදාළව කැඳවූ ටෙන්ඩරය අවලංගු වීම නිසා ගල්අඟුරු නෞකා හයක් මෙරටට නොපැමිණි බවයි.

නමුත් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය වන මෙගාවොට් 900 න් මෙගාවොට් 300 බැගින් වන උත්පාදන යන්ත‍්‍ර එකක් හෝ දෙකක් නතර කර ඉන්ධන භාවිත කොට විදුලිය නිපදවිය හැකි විකල්ප විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කරන බවද ඒ මහතා කීය.

එලෙස ඉන්ධන මගින් විදුලිය ජනනය කිරීමේදී අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවීම ඊළඟ කාරණය බවත් ගල්අඟුරු මගින් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 15 ක් පමණ වනවිට ඞීසල් බලාගාරයකින් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 30 ඉක්මවන බවද ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට වසරකට ගල්අඟුරු ටොන් ලක්‍ෂ 20 ක් පමණ අවශ්‍යය.

මේ අවස්ථාවේ යළි ටෙන්ඩර කැඳවූවත් ගල්අඟුරු ගොඩබෑමේ ගැටලූව මෙන්ම ගල්අඟුරු මිල ඉහළයෑම හා හිඟය නිසා එයද ගැටලූකාරී වී ඇති බවද ඒ මහතා කීය.

Share with your friends :