27 C
Colombo
23/09/2024

ඩොලර් මිලියට අටක් වහා ගෙවනු.. නැතොත් නඩු.. චීන පොහොර සමාගමෙන් ශ්‍රීලංකාවට බලපෑම්

Share with your friends :

චීනයේ සිට මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ වරයාට ලිපියක් යොමු කර තිබේ.

සති තුනක් ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බව ද සිය නීතීඥ සමාගම හරහා දැනුම් දී ඇත.

සමාගම විසින් සපයන ලද පොහොර වල හානිකර බැක්ටීරියා ඇතැයි කියමින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් ඔවුන් විසින් මෙම ලිපිය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සමාගම සඳහන් කර ඇත්තේ දෙරටට පිළිගත හැකි තෙවන පාර්ශව වෙතින් නැවත පරීක්ෂා කළ යුතු බවයි.

අදාල නෞකාව මේ වන විට කළුතරට නුදුරැ මුහුදේ යාත‍්‍රා කරමින් ඇත.

Share with your friends :