27 C
Colombo
23/09/2024

ගමට යන්න බෑ.. ජනතාව ගහල පන්නනවා – ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි

Share with your friends :

ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙක් ලෙස තමනට රෙදි ඇඳගෙන පාරේ යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

හෙට අනිද්දා වන විට ආණ්ඩුවේ කිසිවෙකුටත් පාරට බැසීමට නොහැකි වනු ඇති බව ද තමන් ආණ්ඩුවේ නායකයන්ට අනතුරු අඟවන බවද ඔහු පවසයි.

නුවර එළිය ප්‍රදේශයේ ගොවි නියෝජිතයන් පිරිසක් හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

ඉදිරියේදී ආණ්ඩුවේ නියෝජිතයන් එලවා දමන තැනකට, උත්සවයකටවත් ගමකට යන්න බැරි තැනකට, ආණ්ඩුවේ වැඩසටහනක් විවෘත කරගන්න බැරි තැනකට පත්වනු ඇති බවත් ගොවියන් එක්වී පලවා හරින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
දැනටමත් ආණ්ඩුවේ ඇමතිවරු කීපදෙනේකුටම ජනතාව ප්‍රසිද්ධියේ දැඩි විරෝධය දක්වා තිබේ.

Share with your friends :