27 C
Colombo
23/09/2024

‘එක රටක් එක නීතියක්’ බළකාය ව්‍යවස්ථා විරෝධීයි

Share with your friends :

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

නීති සැකසීම පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවත් මෙය රටේ එකමුතුකමට හානියක් වන කාරණයක් වන හෙයින් එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දෙන බව කියන එක්සත් ජාතික පක්ෂ මෙසේද සඳහන් කරයි.

නිදහස් ලංකාවක් බිහිවීමත් සමග ආග්‍රමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බිහි කළ අතර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව එක් අනන්‍යතාවයකින් ඉදිරියට ගමන් කිරීම අපගේ ජාතික ගීයේ ‘එක මවකගේ දරු කැල බැවිනා‘ යන වචන තුළින් අර්ථ ගැන්වුනා. එමෙන්ම අපගේ ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ජේදයේ ද එය සඳහන් වී තිබෙනවා.

ඒ අනුව අපට ඇත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ ඉදිරියට ගොස් අඩුපාඩු සකසා ගැනීමයි. එම නිසා එක් රටක් එක් නීතියක් සදහා පත්කළ ජනාධිපති කාර්යසාධන බලකාය ඊට පටහැනි වනවා යනුවෙන් ද එක්සත් ජාතික පක්ෂය පවසයි.

Share with your friends :