27 C
Colombo
23/09/2024

ධීවරයන්ට කාලගුණෙන් අනතුරු ඇගවීමක්

Share with your friends :

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශයේ සහ දකුණු දිග මුහුදු ප්‍රෙද්ශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

එම මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.

එම අඩුපීඩන කලාපයේ සහ දිවයින ආශ්‍රිතව පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්වය 9 සහ 10 දිනවලදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

Share with your friends :