27 C
Colombo
23/09/2024

ආණ්ඩුවට නැති ලෙඩ දාන්නෙ නැතිව ගැසට්ටුව ඉවත් කරන්න- ලන්සා ගොඩහේවාගේ ඇගට ගොඩවේ..

Share with your friends :

මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විරෝධය පළ කරයි.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් පාර්ලිමේන්තු කළ අදහස් දැක්වීමට විරෝධය පළ කරමින් ඔහු සඳහන් කළේ වහාම ඒ ගැසට්ටුව ඉවත් කළ යුතු බවයි.

ආණ්ඩුවක් ලෙස නැති ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම ගැසට් නිවේදනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද දැඩි කුතුහලයට පත්ව ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

”නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් ජනතාව තුළ ඇති වී තිබෙන කුතහලය නිසා එම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලඥයකු විදියට මටත් විශාල ප්‍රශ්නයක්. දැන් වනජීවී හා වන සංරක්ෂණ කලාප ලෙස කිව්ව විදියට හෙක්ටයාර් 1,447 ක් ගැසට් කරල තියෙනවා. මේ ගැසට් කරලා තිබෙන 1,447 තුළ නීති විරෝධී වැඩ වෙනවා කියන එක කාදිනල් හිමිපාණන් සහ සියලුම සමාජයේ පරිසරය පිළිබඳව කථා කරන අය කියනවා. ඒ නිසා එම නිතී විරෝධී කටයුතු නැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි.

දැන් අලුත් ගැසට් එකේ හෙක්ටයාර් 4,400 ක් වැඩි කරලා, හෙක්ටයාර් 5,800 ක් පවරා ගැනීමට දාලා තියෙනවා. මේක තමයි අද සමාජයේ ඇති ප්‍රධාන ප්‍රශ්නය. ඊයේ සියලු දේවස්ථානවල මේ පිළිබඳව කථා කළා. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට නැති ප්‍රශ්න දාගන්නේ නැතුව, මේ දාපු ගැසට් එක ඉවත් කර ගමු.

අපි වන සංරක්ෂණය කරන්න ඕන නම්, වනය ආරක්ෂා කරන්න ඕන නම්, අභයභූමී ආරක්ෂා කරන්න ඕන නම් ඒ ප්‍රමාණය විතරක් ගැසට් ගහලා කරන්න කියලා ඉතාමත් කරුණාවෙන් මම ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. අද වන විට ජනතාව විශාල කුතුහලයකට පත් වෙලා තියෙනවා. අවුරුදු 150 – 200 හිටපු පල්ලි, පන්සල්, ගෙවල් ඔක්කොම ඉඩම් මේ මගින් යනවා. ඒ නිසා කළ යුත්තේ නැවත මිනින්දෝරුවරන් දාල වෙන් කිරීම නොවෙයි, 1998 දී හෙක්ටයාර් 1,447ක් හඳුනා ගෙන තියෙනවා. මේවා ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් කර ඇති ප්‍රමාණයවත් ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළක් හදන්න කියන එක මම ඉල්ලා සිටිනවා”

Share with your friends :