27 C
Colombo
23/09/2024

ලිට්රෝ සභාපති කියන ගෑස් මාෆියාව ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න-හිටපු ලිට්රෝ සභාපති

Share with your friends :

ඉකුත් දිනක ලිට්රෝ ගෑස් සමාගමේ වත්මන් සභාපති තෙෂාර ජයසිංහ මහතා විසින් මාධ්‍ය හමුවකදී අනාවරණය කළ ගෑස් මාෆියාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඉල්ලා සිටියි.

මුදල් අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් යොමුකරමින් හිටපු ලිට්රෝ සභාපතිවරයා අවධාරණය කරන්නේ රට තුළ පවතින ගෑස් හිඟය කෘතිමව නිර්මාණය කරන ලද්දක් බවට වත්මන් ලිට්රෝ සභාපතිවරයා කරන චෝදනාව තම ප්‍රතිරූපයට මෙන්ම ලිට්රෝ ගෑස් සමාගමේ කීර්තිනාමයට හානියක් සිදුකළ බවයි.

මෙම චෝදනාව තමාට පෞද්ගලිකව වේදනාවක් ගෙන දුන් බවත්, තමා එම සමාගමේ සභාපතිධුරය දැරූ කාලවකවානුවට ද අගතියක් සිදුකර ඇති බව කොස්වත්ත මහතා පෙන්වා දෙයි.

Share with your friends :