27 C
Colombo
23/09/2024

අග්‍රහාරයට මුදල් කැපීමට විශ්‍රාමිකයෝ විරුද්ධයි

Share with your friends :

අග්‍රහාර රක්‍ෂණයට මුදල් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට විරුද්ධ බවත් ‘කොවිඩ්’ අවදානම තුළ විශ්‍රාමිකයන් ද උද්ඝෝෂණ කරන තත්වයට පත්නොකළ යුතු බවත් සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය පවසයි.

රුපියල් 200 ක මුදල ලබාගෙන අග්‍රහාර හිමිකම් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව කී විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය නව චක්‍රලේඛණයකින් හිතුවක්කාරීව මුදල් අයකිරීමට ලේකම්වරයාට බලයක් නොමැති බව ද සඳහන් කළේය.

සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ විධායක සභික එස්.එන්.බී.කේ. කරුණාරත්න මහතා මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

Share with your friends :