27 C
Colombo
24/09/2024

අගමැති – විමල් අතර හමුවක්

Share with your friends :

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් ඇමැති විමල් වීරවංශ මහතා අතර හදිසි හමුවක් ඉකුත් බදාදා රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

අගමැතිවරයාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති මෙම හමුවට ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවකුත් සහභාගි වී නොමැති බව වාර්තා වේ .

අගමැතිවරයාගේ දැනුම්දීම මත විමල් වීරවංශ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර, ආණ්ඩුව හා හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡා වී ඇති බව දැනගන්නට ඇත .

ඇතිව තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ,හවුල් පක්ෂවල නායකයින්ගේ සාකච්ඡාවක් කඩිනමින් පවත්වා ,අනතුරුව පක්ෂ නායකයන් හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද අගමැතිවරයා එහිදී එකඟතාව පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වැනි සංවත්සර සමුළුවටද විමල් වීරවංශ මහතා සහභාගී නොවූ අතර ඔහුගේ පක්ෂයේ නියෝජිතයෙක් පමණක් ඊට සහභාගි විය .

Share with your friends :