27 C
Colombo
25/09/2024

මේ නිදහසින් පසු ඔලමොට්ටල රජයයි.. කැබිනෙට්ටුව හරක් රැලක්..- ඩිව් ගුණසේකර

Share with your friends :

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය අද ඇති බවත් එහි සිටින්නේ හරක් රැලක් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

අද ඇත්තේ ආර්ථික අර්බුදයයක් බවත් ආණ්ඩුව ඊට පිළියම් ලෙස කරන්නේ නො නවත්වා මුදල් අච්චු ගැසීම බවත් ඒ මහතා පැවසීය.

දැන් මුදල් අච්චු ගැසීම ද උපරිමයට පැමිණ ඇති බවත් ඩොලර් ද නැති රුපියල්ද නැති තත්වයට රට පත්ව ඇති බවත් ඒ මහතා කීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් උත්සව සභාවක් අමතමිනි.

අද වන විට ජනාධිපතිවරයාද පඹයෙකුගේ තත්වයට වැටී ඇති බවත් ඔහුට කල හැකි කිසිවක් නැති බවත් ඔහු එහිදී තව දුඑටත් පැවසීය.

Share with your friends :