27 C
Colombo
25/09/2024

සිරිල් ගාමිණී පියතුමන්ගේ පෙත්සම කැඳවීම ලබන සඳුදා

Share with your friends :

රාජ්‍ය බුද්ධි අංශය් ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ගැන තමා සිදු කළ ප්‍රකශයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අංඩගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් , එය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගමුව කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානය බාර මීසම් පාලක , පාස්කු ප්‍රහරයේ සත්‍ය සෙවීම පිළිබද අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවේ සාමාජික ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය.

ඒ අනුව මෙම පෙත්සම ලබන 08 වැනිදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවීමට නියමිතය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ කොට්ටාසයේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක , අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න , නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .තිලකරත්න , පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ , නීතිපති ඇතුළු හත් දෙනෙකු නම් කරන ලැබ සිටිති.

පාස්කු ඉරුදින දින ප්‍රහාර සිද්ධියෙන් විපත පත් වූවන් සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ලාංකිකයෙකු අසන ලද ප්‍රශ්නයකට තමා දුන් ප්‍රකාශය හේතුවෙන් ජාතික සමගියට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව කියමින් හා එමගින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේට අපහාසයක් සිදු වී ඇති බව සදහන් කරමින් තමාට එරෙහිව පැමිණිල්ලක් සිදු කර ඇති බවද පෙත්සම්කාර සිරිල් ගාමීණී ප්‍රනාන්දු මහතා සිය පෙත්සමෙන් කියා සිටියහ.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කළ එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙසද පොලිස්පතිවරයා තමාට දැනුම් දී ඇතැයි බවත් පෙත්සම්කාර සිරිල් ගාමීණී ප්‍රනාන්දු මහතා පෙත්සමේ සදහන් කළහ.

යම්හෙයකින් පෙත්සම්කරු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියහොත් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සිය පත්සමෙන් කියා සිටිති.

මෙම තත්ත්වය තුළ තමන්ගේ ආසන්නතම මූලීක අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , අධිකරණයට සුදුසු වන්දි මුදලක් ප්‍රකාශයට පත් කරන ලෙසද පෙත්සම්කාර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අධිකරණයෙන් ඉල්ලා සිටීයහ.

Share with your friends :