27 C
Colombo
25/09/2024

ආණ්ඩුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්‍ෂි දෙන්න ඇමති විමල් සූදානමින්

Share with your friends :

යුගදනවි ගිවිසුම හා මෙරටට LNG සැපයුමේ ඒකාධිකාරය ඇමෙරිකානු සමාගමකට පැවරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සාක්ෂි දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සූදානම් බව දැනුම් දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ පැවැති විරෝධතාවයක් අතරතුර මේ බව කියා සිටියේය.

තම වෘත්තිය සන්ධානය විසින් අදාළ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බවත් එහි සාක්ෂිකරුවන් ලෙස විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමතිවරුන් කැඳවීමට ඉල්ලා ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර අමාත්‍ය විහල් වීරවංශ මහතා මෑතකදී කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ දී LNG ඒකාධිකාරය ඇමරිකාවට පැවරීමට විරුද්ධව දැඩි විරෝධය පළ කරමින් අදහස් පළ කළේය.
කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශව පවසන්නේ මේ විරෝධයට හේතුව අදාළ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පැවරීමේ උත්සහයක් බවය.

Share with your friends :