27 C
Colombo
25/09/2024

සැක සහිත කරුණු ගැන කතා කරද්දී සී.අයි.ඩීයට කැඳවීම අනුමත කරන්නේ නැහැ

Share with your friends :

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකයන් ගැන අදහස් දක්වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් හිරිහැර කිරීම අනුමත නොකරන බව යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

සැක සහිත කරුණු ගැන කතා කරද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම වැනි කටයුතු වගකිව යුතු නායකයන්ගෙන් බලාපොරොත්තු නොවන බව කී කාදිනල්තුමෝ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ හා සහය දුන් අයට එරෙහිව යැයි ද සඳහන් කළහ.

රට පාලනය කරන්නේ සැබෑ නායකයෙක් කියා සිතිය හැක්කේ අනීතිය ක්‍රියාත්මක කළොත් පමණක් බව කී අගරදගුරුතුමෝ ‘අපිව මැරුවත් ජීවිතයක් උදුරා ගත්තත් මෙම සටන අතඅරින්නේ නැහැ.’ යැයි ද කීහ.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තම බිරිඳ හා දරුවන් අහිමි වූ ප්‍රදීප් සුසන්ත මහතාට නිවසක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

ප්‍රහාරය අනතුරු ඇඟවීම් ලැබුණු විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආරක්ෂක අංශවල සිටි පිරිස උත්සාහ කළේ තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට පමණක් ඒ සියලු දෙනාට දඬුවම් කළ යුතු බව ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබුණත් නමුත් වත්මන් පාලනය එය මෙතෙක් කර නොකිරීමෙන් ජනාධිපති කොමිසම සඳහා වැයකළ රුපියල් මිලියන 600ක මුදල කාණුවට ගොස් ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

Share with your friends :