27 C
Colombo
22/01/2025

කෑගහන අපිව ආණ්ඩුවෙන් යවන්න හදන්නේ සද්ද නැතිව වැරදි හොඳට කරගන්නයි

Share with your friends :

ආණ්ඩුවේ ගැටලු ඉන් පිටතදී කතා කරන්නට වුණේ ඔවුන් සිය හවුල්කාර පක්ෂ සමග අභ්‍යන්තර සාකච්ඡාවක නිරත නොවූ නිසා යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (1) පැවසීය.

වත්මන් ආණ්ඩුව පක්ෂ 16ක එකතුවක් බව කී ඇමතිවරයා අභ්‍යන්තර සංවාදයක් නොවූ විට ප්‍රශ්න පිටාර ගලන බව ද සඳහන් කළේය.

තමන් ඇතුළු කණ්ඩායම අරගල කරන්නේ දරණ තනතුරු අවදානමට ලක්කර බව පැවසූ ගම්මන්පිල මහතා තමන්ට ආණ්ඩුවෙන් යන්නැයි පවසන්නේ ‘මේ ගොල්ලෝ එළවා ගත්තොත් අපිට ඒ තනතුරු ගන්න පුළුවන් වෙයි’ කියා සිතන අය බව ද කීවේය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංවර්ධන අධිකාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහි සභාපතිවරයා වශයෙන් ඛනිජ තෙල් කර්මාන්තයේ විශේෂඥයෙකු වන සාලිය වික්‍රමසූරිය මහතා කටයුතු කරන අතර ඛනිජ තෙල් කර්මාන්ත ශේත්‍රයේ ප්‍රවීනයෙකු වන සුරත් ඕවිටිගම මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කරයි.

ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා පැවසීය.

තමන් ආයෝජනවලට විරුද්ධ නැතැයි කී ඇමතිවරයා රටට අයෝජන අත්‍යාවශ්‍ය නමුත් විදේශ ආයෝජන ලබාගැනීම හරහා රටේ පවතින ටෙන්ඩර් ක්‍රියාදාමයට ඇති මහජන විශ්වාසය පළුදු වන්නේ නම්, ජාතික ආරක්ෂාවට හා අනාගත බලශක්ති සුරක්ෂිතතාවයට තර්ජනයක් වන්නේ නම්, එවැනි ආකාරයේ ආයෝජන ගිවිසුම්වලට තමන් විරුද්ධ බව ද ප්‍රකාශ කළේය.

කෑගහන අය ආණ්ඩුවෙන් යවා ගතහොත් කෙරෙන වැරදි සද්ද නැතිව හොඳට කරගන්න පුළුවන් කියා සමහරු සිතන බව පෙනෙන්නේ යැයි ද ඇමතිවරයා පැවසීය.

Share with your friends :