27 C
Colombo
20/01/2025

සහල් මිල පාලනය කරන්න පිටරටින් සහල්

Share with your friends :

වෙළඳපොලේ ශිඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවලින් සහල් වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, පාකිස්ථානයෙන් හා මියන්මාරයෙන් ද ඉදිරි සති කීපයේ සහල් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය . මේ සම්බන්ධයෙන් එම රටවල් සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයිද ඔහු සඳහන් කළේය .

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝ ව රුපියල් 98 ට කිලෝ 5 බැගින් සතොසෙන් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇතැයි කී ඇමතිවරයා පිටරටින් සහල් ආනයනය ටෙන්ඩර් නොකැඳවා රජයන් දෙකක් අතර ගනුදෙනුවක් සේ සිදුකරන බවද සඳහන් කළේය .

රජය විසින් පාලන මිල ඉවත් කරනු ලැබීමත් සමඟ වෙළඳපොලේ දේශීය සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, කීරි සම්බා කිලෝවක මිල රුපියල් දෙසිය ඉක්මවා ගොස් ඇත

Share with your friends :