27 C
Colombo
19/01/2025

“එක් රටක් එක නීතියක්” සකස් කිරීමට ඥානසාර හිමි පත්කිරීම ගැන පක්ෂනායක රැස්වීමේදී විරෝධය

Share with your friends :

“එක් රටක් එක නීතියක්” සකස් කිරීම සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතීත්වයට පූජ්‍ය ඥානසාර හිමි පත්කිරීම ගැන පක්ෂනායක රැස්වීමේදී මත ගැටුම් සකස් කිරීම සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතීත්වයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ දැඩි විරෝධය පලවී තිබේ.

ආණ්ඩුවේ නායකයන් හා හවුල්කාර පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවේදි ඒ බව ප්‍රකාශකර ඇත.

සාකච්ඡාවේ මුලසුන ගෙන තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසිනි.

ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා පෙන්වා දුන්නේ ඥානසාර හිමියන් සභාපතීත්වයට පත් කිරීම සුළු ජාතීන් නොව සිංහල බෞද්ධ සමාජයේද විවේචනයට ලක්ව ඇති බවය.

මෙහිදී නැගී සිටි යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කියා සිටියේ හැට නව ලක්ෂයක් ජනවරම නියෝජනය කරන්නේ ඥානසාර හිමියන් නම් ඊට එකඟ විය නොහැකි බවයි.

එසේම කමිටුව තුළ බෞද්ධ සමාජය සංඛේතවත් කරන්නේ ඥානසාර හිමියන් ලෙස පිළිගත නොහැකි බව පෙන්වා දුන් ගෙවිඳු කුමාරතුංග මහතා නීති නිර්මාණ කිරීමට නීති කඩ කළ පුද්ගලයින් පත් කිරීම යුක්ති සහගතද යන්න ප්‍රශ්න කළා.

එහිදී දැඩි ස්වරයෙන් කතා කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ 69 ලක්ෂයක ජනවරමක් ඇති ජනාධිපතිවරයාට ඕනෑම පුද්ගලයෙකු පත් කිරීමට කාගෙන්වත් අවසර ගත යුතු නැති බවයි.

එහිදී නැගී සිටි අතාවුල්ලා මහතා සඳහන් කළේ අදාළ පත්කිරීම පිළිබඳ ජනතාවගෙන් එල්ලවන විවේචනය රජයට ඉදිරිපත් කිරීම අපගේ වගකීම බවය.

Share with your friends :