අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමට පිළිතුරු ලබාදීමට සුදානම් වී පැමිණීම සඳහා සතියක කාලයක් ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමන් එම දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ප්රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ සිරිල් ගාමිණී පියතුමා එහි නොපැමිණි අතර ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම ඉල්ලීම සහිත ලිපියක් ඒ වෙත භාරදුන්හ.
ශාන්ත කුමාර් වැලිවිට, රවීන් සඳසිරි සහ ශ්රීනාත් මනෝජ් යන පියතුමන්ලා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම ඉල්ලීම භාරදීමට කටයුතු කළහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම ඉල්ලීම පිළිගත් බව ඉන් පිටතට පැමිණි පියතුමන්ලා පැවසූහ.
රාජ්ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කලැ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබිණි.