27 C
Colombo
24/01/2025

රාජා කොල්ලුරේ ඉවතට – වැඩබලන සභාපති වීරසුමන

Share with your friends :

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි.

කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද රැස්වූ අතර රාජා කොල්ලුරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට එහිදී පියවර ගෙන ඇත.

වයඹ ආණ්ඩුකාරධූරය ද දරන කොල්ලුරේ මහතා ඉකුත් දා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩවර්ජනයේ නිරත ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම කෙරෙහි සලකා බලන බව සඳහන් කළේය.

කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය ආන්දෝලනාත්මක වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල දැඩි විවේචනයට ද ලක්විය.

කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය කොමියුනිස්ට් පක්ෂය ද හෙළා දැක තිබූ අතර එම ප්‍රකාශය නිසා ඔහු පක්ෂ තනතුරින් ඉවත් කර ඇතැයි ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත් කිරීමට කොමියුනිස්යිට් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේය.

රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමෙන් පසු එම තනතුරු පුරප්පාඩු විය. එහි උපසභාපති වීරසුමන වීරසිංහ මහතා වැඩබලන සභාපති ලෙස පත්කර ඇත.

Share with your friends :