27 C
Colombo
22/01/2025

ප්‍රසන්න ගුණසේන එක වෙලාවක පුද්ගලික වෛද්‍ය සේවාව කරනවා- තව වෙලාවක SPC සභාපති

Share with your friends :

සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශය හතරකට වෙන් වීම තුළ තුන්කට්ටුවක් එකතු වී මාෆියාවක් ගොඩ නගා ඇති අතර එම මාෆියාව විසින් රටේ සෞඛ්‍ය පාලනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අවධාරණය කළේය.

ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට,නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට එම මාෆියා සභාපතිවරු අණ දෙන තත්ත්වයක් උදාවී ඇති බවයි බෙල්ලන මහතා සඳහන් කළේ.

මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හොරෙක් වන බවත් ඊළඟ වසර පහකින් පමණ එළියට එන පැනමා පේපර්ස්වල ඔහුගේ නමත් සඳහන් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

”කොහේවත් යන දේශපාලඥයින්ට,කොහේවත් යන පක්ෂයකට,කොහේවත් යන වියත් මඟකට මුක්කුගහල ලබාගන්න තනතුරු, ඔය එක්කෙනෙක්වත් සුදුසු නැහැ. රජය සේවයේ වැඩකරන්න සුදුසුකම් නැහැ. පුද්ගලික අංශයේ වැඩකරපු මේ හොරු ටික දැන් ඇවිල්ලා රාජ්‍ය සංස්ථාවල සභාපතිවෙලා මාෆියා කල්ලි හදාගෙන ඔවුන්ව සෞඛ්‍ය ලේකම්ගේ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ පාලනයෙන් ගිලිහිලා. කොහොමද මෙහෙම සෞඛ්‍ය මෙහෙයවන්නේ. මෙය බෙදීමක් සහිත පාලනයක්. මෙහෙම ගෙනියන්න බැහැ සෞඛ්‍ය සේවය. ජනතාවට කිසිම සහනයක් නැහැ බෙහෙත් වලින්. බෙහෙත් හිඟයි. ඉන්දියාවෙන් ගෙන්වන පිළිකා ඖෂධ බාලයි කියල පැහැදිලිව කියල තියෙද්දී ඒත් ගේනවා. මොකක්ද මේ. රට මාෆියා එකට යට කරනවද? පාලනය අතට ගන්නවද?

ප්‍රසන්න ගුණසේන කියන සභාපතිවරයෙක් ඉන්නවා. ඔහු මේ වෙද්දී හැමෝටම චන්ඩියෙක් වෙලා. ඔහුගේ චන්ඩිකම තියෙන්නේ රටේ ජනාධිපතිතුමාට වියත් මගේ කඩේ ගියා කියල කාරණාවක් මත. ඒ චන්ඩිකම් පාවිච්චි කරලා අමාත්‍යාංශයේ ඉන්න ලොක්කන්ට නියෝග දෙනවා. අපි මීට අවුරුදු 25ක ඉදන් සභාපතිවරු දැක්කා. ඔය වගේ ජරා සභාපතිවරයෙක් නම් දැකල නැහැ. එක වෙලාවක ගිහින් ලංකා හොස්පිටල් එකේ තමන්ගේ පුද්ගලික වෛද්‍ය සේවාව කරනවා. තව වෙලාවක සංස්ථා සභාපති. එහෙම පුළුවන්ද සංස්ථාවක වැඩ කරන්න. තීන්දු තීරණ ගන්නේ නැතුව සංස්ථාවේ ෆයිල් ගොඩගැහිලා. ”

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉල්ලා අස්වෙන බවට පුවත්පතක සඳහන්ව තිබුණු අතර මෙපමණ කලක් හෝ එම තනතුරේ සිටීමට ඔහුට සුදුසුකම් නැති අතර ඔහු හොරෙක් බවත් කරුණාකර තොරොන්චි වී යන ලෙසත් බෙල්ලන මහතා පැවසුවේය.

Share with your friends :