රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්යක්ෂ ලලිත් ජයකොඩි සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
දැනට කොවිඩ් මර්දනය සදහා එන්නත් ආනයනය කිරීමේ කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකෙරෙන අතර එම කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින පසුබිමක සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්යක්ෂවරයා මෙසේ හිටිහැටියේම ඉල්ලා අස්වීම මතභේදයට තුඩු දී ඇතැයිද වාර්තාවේ.
ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ සහ කළමනාකාර අධ්යක්ෂවරයාගේ හදිසි ඉල්ලා අස්වීම සෞඛ්‍ය ඇමතිවරයා සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් නිසා නිර්මාණ වුවක් බව සභාපතිවරයාගේ සමීපතම ආරංචි සදහන් කරයි.
ඉකුත් සති කිහිපය තුල අවස්ථා කිහිපයකදී මෙම ඉහල නිලධාරින් කැබිනට් ඇමතිවරයාගේ දෝෂාදර්ශනයට ලක්ව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි.