27 C
Colombo
25/11/2024

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මණින් පවත්වන ලෙස මෛත්‍රීගෙන් ඉල්ලීමක්

Share with your friends :

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මණින් පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන අතර එම මැතිවරණය පවත්වන්නේ නම් එයට සූදානම් වන බවත් මැතිවරණයට ඉදිරිපත්වන්නේ පක්ෂය ලෙස තනිවමද නැත්නම් ආණ්ඩුව සමඟ එක්වද යන්න පසුව තීරණය කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයේ සියලු අංශ ශක්තිමත් කිරීම ගැන සාකච්ජා කළ බව ඔහු සඳහන් කළේය.

මේ අතර බඩු මිල ඉතා ඉහළ ගොස් තිබෙන අතර ජනතාව දැඩි පීඩනයක සිටින බවත් ඒවාට විසඳුම් දිය යුතු වුවත් ක්ෂණික විසඳුම් නැති බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන ලදී.

Share with your friends :