27 C
Colombo
20/01/2025

ෆේස් මාස්ක් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට, අල්ලස් කොමිසමට ඇමති බන්දුලගෙන් තර්ජන ?

Share with your friends :

තමන් විසින් කරන ලද පැමිණිල්ලකට අදාල සාක්ෂි කරුවන්ට හා අල්ලස් කොමිසමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ව්‍යංගාර්ථයෙන් තර්ජන හා අපහාසාත්මක ප්‍රකාශ කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එහි සභාපතිවරයා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි.

සම්පූර්ණ ලිපිය මෙසේය.

අධ්‍යක්ෂක ජනරාල්
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂම
බෞද්ධාලෝක මාවත
කොළඔ 07.

10-16-2021

අධ්‍යක්ෂක ජනරාල්තුමණි

අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමට කරන ලද පැමිණක් සම්බන්ධව.

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද අල්ලස් හෝ දූෂණ වරදක් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හා තවත් කිහිපදෙනෙකුට විරුද්ධව මා විසින් 2021/10/13 වන දින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඊට දින දෙකකට පසුව එනම් 2021/10/15 දින වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණ 2021/10/13 වන දින මා විසින් කරන ලද පැමිණිල්ල ස්වාධිනව හා කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලා ලිපියක් භාරදුන් බව මාහට මාධ්‍ය මගින් දැනගැනීමට ලැබුණි.

අදාල ඉල්ලීම කර අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමෙන් ඔහු ඉවත්ව යන විට මාධ්‍ය අමතා ඔහු විසින් කරන ලද තර්ජනාත්මක හා අපහාසාත්මක ප්‍රකාශ නිසා අදාල පැමිණිල්ල සිදුකල මාහට හා අදාල පැමිණිල්ල සදහා සාක්ෂි ලබාදීමට සිටින පුද්ගලයින්ට හා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමට ව්‍යාංගාර්ථයෙන් කරන ලද තර්ජනාත්මක හා අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙයින් ඉල්ලා සිටින අතර පැමිණිලිකරුවෙකු වන මාගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එහිදී ඔහු මෙසේ පවසයි“මුහුණු ආවරණයකින් රුපියල් දෙකක අල්ලසක් ලබා ගත්තා යැයි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබෙනවා. එය ද්වේෂසහගත, අමූලික අසත්‍්‍ය , වෛරී චේතනාවෙන් කරන ලද පැමිණිල්ලක් වශයෙන් පෙන්වා දිය හැකියි. මක්නිසාද යත් මම ලාංකේය නිදහස් අධ්‍යාපනයේ හැඩතලය වෙනස් කරමින් තාක්ෂණවේදය විෂය හඳුන්වා දුන්නා. මෙම තාක්ෂණවේදය විෂය හදාරන උසස්පෙළ දරුවන්ට මාස්පතා ශිෂ්‍යත්වයක් ලබා දීම සඳහා මාගේ පසුගිය උපන්දිනය දා මාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලක්ෂ සියයක් යොදවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති නිල සමාරම්භක උත්සවයේදී ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කළා. මෙම ශිෂ්‍යත්ව අරමුදල, මාගේ ඥාතීන් හා අපේ හිතවතුන් විසින් දැක්වූ දායකත්වය මත මේ වන විට ලක්ෂ දෙසීයකට ආසන්න වී තිබෙනවා. එවන් තත්වයක් තුළදී මුහුණු ආවරණයකින් සත පහක්වත් මේ අරමුදලට මේ දක්වා බැර වෙලා නෑ. එසේ තිබියදී ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිදු කර ඇති අපහාසය මට පමණක් නෙවෙයි, මේ අරමුදලේ භාරකරුවන්ට සහ මේ අරමුදලෙන් ප්‍රතිලාභ ලබන්නට සිටින ශිෂ්‍යයන්ටත් සිදු කර ඇති නින්දාවක් වශයෙන් පෙන්වා දිය හැකී. මේ නිසා අපක්ෂපාතී,ස්වාධින හා සාධාරණ ලෙස කඩිනමින් මෙම පරීක්ෂණය සිදු කරන ලෙස ඉල්ලමින් මම අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දුන්නා.”

01.ඉහත ප්‍රකාශය අනුව මගේ පැමිණිල්ල විභාග කිරීමට පෙර එය බොරු පැමිණිල්ලක් බවට වගඋත්තරකරුම ප්‍රකාශ කිරීම හා පැමිණිලිරුකරු බොරුකාරයෙක් බවට වන සිතුවිල්ලක් විමර්ශකයින් තුළ ඇති කිරීම තුළින් පැමිණිලකරුවන මාහට අගතියක් ඇති වී තිබේ.

02. ඉහත ප්‍රකාශය අනුව මෙම පැමිණිල්ල සදහා සාක්ෂි ලබාදීමට සූදානම්ව සිටින සාක්ෂිකරුවන්හට අගතියක් ඇති වී තිබේ.

03. අපක්ෂපාතී,ස්වාධින හා සාධාරණ ලෙස කඩිනමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීම තුළ අල්ලස් හෝ දූෂණ කොමිෂම අපක්ෂපාතී, ස්වාධින,කඩිනම්ව පරීක්ෂණ සිදු නොකරන ආයතනයක් බවට හැගීමක් ජනතාව තුළ ඇති කිරීමට කටයුතු කරතිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම යනු අධිකරණ ක්ෂ්ත්‍රයේ කීර්තිමත් නාමයක් දිනගෙන සිටින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරුවරියක වන ඊවා වනසුන්දර මැතිණිය හා ගරු විශ්‍රාමික විනිසුරු දීපාලී විජේසුන්දර මැතිණිය හා චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා සාමාජිකයින් ලෙස කටයුතු කරන හා කාර්යක්ෂම නිළධාරීන්ගෙන් සමන්විත ස්වාධින ආයතනයක් වන නිසාම මා විසින් මාගේ අල්ලස් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කටයුතු කල බව සදහන් කරමි.

04. ඔහුගේ එම ප්‍රකාශය නිසා අල්ලස් හෝ විමර්ශණ කොමිෂම වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තන්ට බියගැන්වීමක් සිදු කර ඇත.

05. සෑම වගඋත්තරකරුවෙකුටම මෙසේ තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට මෙය නරක පූර්වාදර්ශයක් විය හැක.

06. පැමිණිලිකරුවන මා බියගැන්වීමකට ලක්කර ඇත.

මාධ්‍ය විසින් ප්‍රචාරය කර ඇති ඔහු විසින් කරන ලද ප්‍රකාශය මේ සමග අමුණා එවමි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Share with your friends :